Wednesday, January 20, 2016



උදාවන 2016 වසර ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී සියලුම ජනතාවට සුභම සුභ නව වසරකට ආසිරි හා සෙත් පතමින් ජාතික තරුණ සේවා සභාව විසින් මේ වන විට ජය පිරිත් සච්ජායනයක් පැවැත්වේ.

ඒ සමඟම උදා වන 2016 නව වසරට සියලු ලංකා වාසී ජනතාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ/ ජනරාල් නීතිඥ එරන්දික වැලිඅංගේ මැතිතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයම සියලු පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා යයි! ආසිරි පතමි.
















Tuesday, January 19, 2016

THAI PONGAL CELEBRATION JAFFNA

දශක ගණනාවක් පැවති යුධමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික, ආගමික, සංස්කෘතික යනාදී සෑම ක්ෂේත්‍රයකටම පාහේ මහත් බලපෑමක් ඇති කරන ලදී. මෙය අප රටේ ජීවත්වන සිංහල, දමිල හා මුස්ලිම් ජාතින් අතර එතෙක් කාලයක් පැවති ජාතික හා ආගමික සහජීවනය පලුදු වීමටද හේතු විය.එම නිසා මෙම වැඩසටහන මගින් සිංහල, දමිල, මුස්ලිම් තරුණ ප්‍රජාව අතර සහෝදරත්වය ගොඩනැගීමටත්, තාරුණ්‍යයේ කායික මානසිකා ඒකාග්‍රතාවය වර්ධනය කිරීමටත්, අන්නෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමෙන් අනාගතයේදී පෙර පැවති ආකාරයේ පිහිසුනු යුධමය වාතාවරණයක් ඇති නොවන ආකාරයේ සාමකාමී පසුබිමක් ඇති කරලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.ශ්‍රී ලාංකික සමස්ථ තාරුණ්‍යය නියෝජනය කරන ප්‍රධානම ආයතනය ජාතික තරුණ සේවා සභාව , ශ්‍රීලාංකික තාරුණ්‍යය අතර අනවබෝදය දුරු කරමින් එකාවන්ව සුහදශීලිව කටයුතු කරමින් ජාතික සංවර්ධන ක්‍රියාවලිය සඳහා ජවසම්පන්න දායකත්වයක් ලබා දීමට මංපෙත් විවර කරදීම මෙමගින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.
සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් එරන්දික වැලිඅන්ගේ,ජාතික තරුණ සේවා සභාව


                            








GALLERY